මවුබිම වෙනුවෙන් කරන සිනමා යුතුකම "අබා"

පසුගිය දිනවල රටේ හැම තැනම සැරේට තිබුණ ඇස්‌ රුදාව ට ගොදුරුවීම නිසා ලියුම්කරුට දින කීපයක්‌ සියලු වැඩ කටයුතුවලින් ඈත් වී නිවෙසට ම වෙලා ඉන්න සිද්ධ වුණා ඔය අතරේ තමයි ජැක්‌සන් ඇන්තනි ප්‍රවීණ කලාකරුවා අපේ සහෘදයාගේ අබා සිනමා පටයේ මුහුරත බත්තරමුල්ලේ වෝටර් එඡ් වල යෙදිලා තිබුණේ

වැඩේට නොගිහින්ම බෑ ලෝහිත පාට ගැසී තිබෙන ඇස්‌ දෙක පෙන්න පෙන්නා එතැනට යන්නත් බෑ කොහොම වුණත් අව් කණ්‌ණාඩියක පිහිටෙන් ඇස්‌ දෙක හංගාගෙන මුහුරත් උළෙලට සහභාගි වුණත් එතැනට සහභාගි වූ දන්නා කියන අය සමඟ කතාබහ නොකර පැත්තකට වෙලා ඉන්න සිද්ධ වුණා මොකද ඇස්‌ රුදාව බොවෙන සුළු නිසා නොදන්න අය හිතුවද දන්නේ නෑ අව් කණ්‌ණාඩියකුත් දාගෙන ආඩම්බරේට එහෙම හිටියද කියලා, නෑ එහෙම ඉන්න කෙනෙක්‌ නෙමෙයි ලියුම්කරු එහෙම ඉන්න දන්නා කියන හිතවතුන්ගේම යහපතට
දැන් අපි කතා කරමු අබා එහෙම නැත්නම් පඬු අබා ආරම්භය ගැන

හා හා පුරා කියා කුළුදුලේ ජැක්‌සන් සිනමාවට එක්‌වූයේ ජුලියට්‌ගේ භූමිකාව සිනමා පටය තුළින් මේ ජැකා ගේ දෙවනි සිනමා නිර්මාණය (ජැකා කියලා අපි ජැක්‌සන්ට කියන්නේ ආදරේට ආදරේ වැඩිකමට)

ජැක්‌සන්ගේ රංගන වපසරිය ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නෑ ඒ රංග පෞරුෂය වර්තමානයේ ජීවත්වන කිසිම රංගන ශිල්පියකුට නැති බව නොබියව පැවසිය යුතුයි මුහුරත් උත්සවයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පැට්‍රික්‌ රත්නායක අපේ හිතවත් ආචාර්යතුමා ජැක්‌සන්ව සමකළේ ඇමෙරිකාවේ ජීවත්වන ඇමෙරිකානු ජාතික මෙල් ගිබ්සන් රංගධරයාව

‍මෙල් ගිබ්සන් වඩා ප්‍රකටව ඇත්තේ චරිතංග රංගනයට ඔහුත් රංගනයට අත්පොත තැබුවේ ජැක්‌සන් ඇන්තනි වගේ ම වේදිකාවෙන් ඒ නිසා ම ඔහුගේ රංගන ජීවිතය වඩා පොහොසත් කර ගත්තේ වේදිකාවෙන් ජැක්‌සන් වගේ ම මෙල් ගිබ්සන් ඉතිහාසය පිළිබද පිපාසයකින් පෙළෙන්නෙක්‌ අයර්ලන්ත ස්‌කොට්‌ලන්ත යුද්ධය ගැන පුදුම විදිහට අධ්‍යයනය කර ඔහු තැනූ බ්‍රේව් හාට්‌ස්‌ චිත්‍රපටය ගැන මුළු ලෝකය ම කතා කළා එයට ඔස්‌කාර් සම්මාන පවා හිමිවුණා ඒ වගේ ම ඔහු තව තවත් ඉතිහාසය සොයා යන්න වුණා ඒ යන ඔහු ඉන්කා ග්‍රෝතිකයන් පිළිබද ඔවුනගේ භාෂාවෙන් ම නිර්මාණය කළ ඇපර් තුර්කිවෝ ඒ වගේම පැෂන් ඔෆ් ලයිව් වැනි සිනමා කෘති ලෝක සිනමාවේ වැඩි අවධානයට ලක්‌වුණා

ලෝක සිනමාව තුළ වීර කතා සම්ප්‍රදායට හිමිවන්නේ සුවිශේෂී තැනක්‌ ජපන් සිනමාව ගත්තත් සෙවන් සමුරායි රෂොමාන් වැනි සිනම පට නිර්මාණය වූ කාලයේ තමය ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ ශ්‍රී ලංකාවේ සංදේශය වැනි චිත්‍රපට නිර්මාණය කෙළේ නමුත් ශ්‍රී ල‍ංකීය සිනමාව තුළ වීර කතා සම්ප්‍රදායට එතරම් ඉඩ කඩක්‌ නො තිබුණේ මන්ද යන ගැටලුව අප අභිමුව පවතින්නක්‌ අපට තරම් වීර කතා හමුවන ඉතිහාසයක්‌ ඇති රටක්‌ ලෝකයේ නොමැති තරම් සිංහල රාජාවලිය ගතහොත් ඉන් චරිත කීපයක්‌ හැරුණුවිට වීරත්වයෙන් අභිමානයෙන් කතා කළ හැකි ඉතිහාසය එකිනෙකට වෙනස්‌ කතා පුවත් රැගත් සිද්ධීන්

වීර කතා සම්ප්‍රදායට එක එල්ලේ හසු නොවුණත් ශ්‍රී ලාංකීය සිනමාව තුළ එවන් කතා පුවත් රැගත් චිත්‍රපට කීපයක්‌ අපට හමු වෙනවා අශෝකමාලා (1947) සිරිසඟබෝ (1952) සංදේශය (1960) සීගිරි කාශ්‍යප (1966) වීර පුරන් අප්පු (1978) වීර මද්දුමබණ්‌ඩාර (1984) ඒ චිත්‍රපට හයකි කඩවුණු පොරොන්දුවෙන් ආරම්භ වූ අපේ සිනමාව තුළ එදා මෙදාතුර සංකාර දක්‌වා චිත්‍රපට 1062 ක්‌ තිරගත වී තිබෙනවා ඒ අතරින් වීර කතා සම්ප්‍රදායට යම්තමින් හෝ ගැනෙන (මේවා ඛේදාන්ත චිත්‍රපට)චිත්‍රපට ඇත්තේ 6 ක්‌ පමණයි

අපට අල්ලපු රට අපේ අසල්වැසි රට ඉන්දියාව ගත්තත් ඒ රටේ කොතරම් වීර කතා සම්ප්‍රදායේ චිත්‍රපට බිහි වී ඇද්ද මෑත සිනමාව ගත්තත් බොලිවුඩ් සිනමාවේ අද දවසේ සුපිරි තරුව ලෙෂ ගැනෙන ෂාරුක්‌ ඛාන් ජුහී වවුලා ජනප්‍රීය තරුව එක්‌ක නිෂ්පාදනය කළ අශෝක්‌ වැනි දැවැන්ත චිත්‍රපටයත් අමීර් ඛාන් වැනි ජනප්‍රීය රංගන ශිල්පියෙක්‌ මංගල් පාණ්‌ඩේ වැනි වීර කතා සම්ප්‍රදායේ චිත්‍රපටයක්‌ බිහිකිරිම එරට සිනමාව තුළ ඒ රටේ ඉතිහාසයේ අනන්‍යතාව රෝපණය කිරිමට දායක වී තිබෙනවා

ජැක්‌සන් ඇන්තනි නම් රංගධරයාගේ දෙවැනි සිනමා නිර්මාණය අබා ශ්‍රී ලාංකේය සිනමාවේ තවත් යුගයක ආරම්භය බවට දැනටමත් පෙර නිමිති පළ වී අවසන් මන්ද සැබෑ ලෙස ම ශ්‍රී ලාංකේය සිනමාවේ සැබෑ වීර කතා සම්ප්‍රදායක්‌ මේ වන විටත් ආරම්භ වී නො තිබීමයි එහි ආරම්භය සැබෑ ලෙස අබා සිනමා පටයයි එසේ ම මෙවැනි ඓතිහාසික කතා පුවතක්‌ නිර්මාණය කිරිමට යන අධික මුදලයි අප මුදලට හරියන ලෙස චිත්‍රපට හැදුවා මිස චිත්‍රපටයට සරිලන සේ මුදල් යෙදුවේ නැත ඉතිහාසය දෙස හැරි බැලු විට ඒ බව සක්‌සුදක්‌ සේ පැහැදිලිව පෙනේ නමුත් වෙනත් රටවල් චිත්‍රපටයේ ප්‍රමාණයට මුදල් යොදවා සාර්ථක ලෙෂ නිර්මාණය කර එම මුදල යළි සොයාගන්නා ක්‍රම ද සොයා ගෙන ඇත ශ්‍රී ලාංකීය නිෂ්පාදකවරු දෙදෙනෙකු වන ජැස්‌ටින් බෙලගමගේ රැජින්දා ගුණවර්ධන එක්‌ ව ලක්‌ෂ 400 ට අධික මුදලක්‌ අබා චිත්‍රපටය සදහා වැය කිරිම ශ්‍රී ලාංකේය චිත්‍රපටයක්‌ සදහා වැය කරන වැඩිම ධන ආයෝජනය ලෙස ඉතිහාස ගතවනු ඇත

ජැක්‌සන්ගේ කිහිල්ල අස්‌සේ සිර වී දුවිලි වැදෙමින් වාහනවලින් නිකුත් වන කාබන් මොනොක්‌සයිඩ් දුමාරයෙන් කළු පැහැ ගැන්වී තිබූ අබා වස්‌තු බීජය සතිටුහන් කළ තිර පිටපතට සැබෑ ලෙස ම හුස්‌ම වැටෙන්නට පටන් ගත්තේ පසුගිය ජූනි පළමුවෙනිදා බත්තරමුල්ලේ වෝටර්ස්‌ එඡ් හිදී පැවති මුහුරත් උළෙලින් පසු ය. වසර දෙකක්‌ ජැක්‌සන් මේ අබා වෙනුවෙන් බලා සිටියාට දැන් පාඩු නැත ජැක්‌සන්ට රඟපාන්නට ආ චරිත ගණනාවක්‌ අතහැරියාට දැන් ජැක්‌සන්ට දුක්‌ වන්නට අවශ්‍යය නැත

ශ්‍රී ලාංකීය සිනමාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ යුතු මෙහෙවර සැබෑ ලෙස තවම ඉටුකර නැත සිනමාව එසේ තම යුතුකම තම මවුබිම වෙනුවෙන් ඉටුකළා නම් අයදතන ජන සමාජය වීරත්වයෙන් පිරිහුණු අසුබවාදී ඝෘණ මානසිකත්වයට ඇදවැටෙන්නේ නැත අපේ සිනමාකරුවෝ සමහරෙක්‌ රටේ ජාතිකත්වය ගැන නොසලකා ලෝකය හමුවේ තම ශිල්ප පෙන්වීමට අපේ ප්‍රෙ‍ෟඩ ඉතිහාසය අමු අමුවේ පාවාදීමට පෙලඹෙන්නේ නැත රට අපකීර්තියට පත්වීමට ප්‍රථමයෙන් සමහරක්‌ දේශපාලකයන් වගකිවයුතු වන අතර දෙවනුව අපේ සිනමාකරුවන් සමහරෙක්‌ එයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය

අපට වැරදුණු තැනින් යළි පටන් ගත යුතුය වැරැදුණු තැන් මොනවාදැයි වටහා ගත යුතුය අප දැන්වත් අපේ ඉතිහාසය පුරා පැතුරුණු වීර කතා සම්ප්‍රදායය දේශීය සිනමාව වෙත කැන්දාගෙන ආ යුතුය ජැක්‌සන් අද අබා තුළින් අරඹන ඒ යුගය හෙට ප්‍රසන්න විතානගේ තුළින් ද අනිද්දා ජයන්ත චන්ද්‍රසිරි විසින් ද (මෙම අධ්‍යක්‌ෂකවරු දෙදෙනා තවත් වීර කතා සම්ප්‍රදායේ චිත්‍රපට දෙකක්‌ මෙම වසරේ නිර්මාණය කිරිමට නියමිත බවට ආරංචි ඇත) ඉදිරියේ හැකි සෑම අධ්‍යක්‌ෂකවරයෙකු විසින්ම ද අරඹනවා නම් එය සිනමාවට රටට කරන ජාතික යුතුකමක්‌ වනු ඇත

ගාමිණී ජයලත් - දිනමිණ ( 08/06/2007 )