අබා වෙනුවෙන් පඩුවස්‌දෙව් රජ මාළිගාව


ගුරු පැහැ ගැන්වූ දැවැන්ත වාසල බිත්තිය ඒ මත පිහිටි මුර කුටි මාළිගයේ ආරක්‌ෂිත බවට සාක්‌ෂි දරයි මාළිගය ඉදිවන භූමියේ සිව් දෙසින් ඇති සමස්‌ථ පරිසරය ස්‌වාභාවිකවම ආරක්‌ෂිත පරිසරයක්‌ ලෙෂ ගොඩනැඟී ඇති ආරක්‌ෂිත පරිසරයක්‌ ලෙෂ ගොඩනැඟී ඇති අයුරු අපූරුය විසල් රුක්‌ ගොමු ගල් වැටි පොකුණු මහා ගිරිශිඛරවලින් වටවූ පඩුවස්‌දෙව් රජුගේ මාළිගය සැබවින්ම අප අතීතයට ගෙන ගියේද නැත මෙය මාළිගය හා අවට පරිසරය නිර්මාණය වන්නේ ජැක්‌සන් ඇන්තනිගේ නවතම සිනමා නිර්මාණය අබා යනුවෙනි

අබා රුහුණ මහා රාජ වංශ කථාවේ උත්පත්ති කථාවයි සිංහල සිනමා වංශ කථාවේ වීර කථා සම්ප්‍රදාය නවතම දිශාවකට යොමු කරන අබා චිත්‍රපටය සදහා නිර්මාණය කළ පඩුවස්‌දෙව් රජමාළිගය සහිත දැවැන්ත පසුතලය පසුගියදා මාධ්‍යයට නිරාවරණය කෙරිණි මෙය මෙතෙක්‌ සිංහල චිත්‍රපටයක්‌ වෙනුවෙන් ඉදි කළ ඉතා ඉහළ පිරිවැයක්‌ සහිත දැවැන්ත පසුතල නිර්මාණයක්‌ යැයි සැලකේ දක්‌ෂ කලා අධ්‍යක්‌ෂකවරයෙකු වන උදේනි සුබෝධි කුමාරගේ අධ්‍යක්‌ෂණය යටතේ මෙම පසුතලය නිර්මාණය වී තිබේ ඒ සදහා ඔවුන් තෝරාගෙන ඇති භූමිය ද ඓතිහාසික අතින් වැදගත් ඉතා රමණීය පෙදෙසකි එය අනුරාධපුර තඹුත්තේගම අංගමුව ප්‍රදේශයේ ආඩිගල රජමහා විහාරයට අයත් පෞරාණික පරිසරයකි පණ්‌ඩුකාභය කුමරුගේ කථාව හෙවත් අබා රූපගත කෙරෙන්නේ මෙම පරිසරය මුල් කරගනිමිනි

අබා චිත්‍රපටය සදහා මෙවැනි පරිසරයක්‌ සොයාගන්න අපි ලංකාවේ බොහෝ තැන්වල ඇවිද්දා මට මතකයි බයිසිකලයක නැගිලා අවශ්‍ය ස්‌ථානය හොයන්න වෙහෙසුන අන්දම කොහොම හරි අන්තිමේදී අපි හොයපු තැන ලැබුණා අබා කුමරුගේ හැදී වැඩෙන පරිසරය නිර්මාණය කෙරෙන අබා චිත්‍රපටයේ කලා අධ්‍යක්‌ෂණය උදේනි සුබෝධි කුමාර අදහස්‌ දැක්‌වූයේ එසේය

අබා ඓතිහාසික කථව රූගත කෙරෙන්නේ ප්‍රවීන කැමරා ශිල්පියෙකු වන සුමින්ද වීරසිංහගේ කැමරා අධ්‍යක්‌ෂණය යටතේය ඔහු පවසන්නේ මෙය තමන් එතෙක්‌ මෙතෙක්‌ කැමරාවට හසු කරගන්නා දැවැන්ත ම නිර්මාණය බවය විශේෂයෙන් මේ සදහා මෙතෙක්‌ සිංහල චිත්‍රපටයක්‌ සදහා යොදා නොගත් ලෝකයේ ඇති ඉහළම තාක්‌ෂණයකින් යුත් කැමරා භාවිතා කිරිමට නියමිතය තත්පරයක්‌ රූගත කිරිම සදහා රුපියල් පනස්‌ දහසක තරම් මුදලක්‌ වැය වන කැමරා අබා සදහා ඉන්දියාවෙන් ලබා ගැනීමට මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා ඇති බව සුමින්ද පවසයි එවැනි අතිවිශාල පිරිවැයක්‌ යොදවමින් නිපදවන පළමු සිංහල චිත්‍රපටය මෙය බවද ඔහු පවසයි

අබා සිනමා කතාවේ අධ්‍යක්‌ෂ ජැක්‌සන් ඇන්තනි සිය නිර්මාණය පිළිබදව දැක්‌වූයේ මෙවැනි අදහසකි

පණ්‌ඩුකාභය කුමාරයාගේ කථාව කුඩා රාමුවකට කොටු කරගන්න බෑ ඒක පරපුරක උත්පත්ති කථාවක්‌ ඒක සිල්ලර කථාන්දරයක්‌ නොවෙයි ඒක ඉතිහාසයේ මහා කථාන්දරයක්‌ ඒ නිසා අපි අබා සිනමා උපක්‍රම තුළ දැවැන්ත චිත්‍රපටයක්‌ කරනවා මේ දැවැන්ත බව තිබෙන්නේ ඔබ දකින පසුතලයේ විතරක්‌ නොවෙයි මේ කථාවේ ඉන්න අදහාගත නොහැකි මිනිසුන් මිනිස්‌කම ඉක්‌මවා ගිය මිනිසුන් දේවත්වයට පත්වන මිනිසුන් ස්‌වභාවික කැමරා කෝණවලින් රූපගත කරන්න බෑ ඒ සදහා විශ්මිත උපකරණ භාවිතා කරන්න වෙනවා අපි පළමු වරට ටෙලි කෑම්ප් තාක්‌ෂණය මේ චිත්‍රපටය සදහා යොදාගන්නවා

අපි ජාත්‍යන්තර වශයෙන් නිර්මාණයක්‌ කරනකොට අපි දුප්පත්ය කියා සමාවක්‌ නෑ අපිට ජාත්‍යන්තර මට්‌ටමට තරග වදින්න සිදුවෙනවා මෙතනදී සියරට දේ සිරිසැප දේ අද කොළඹ ඉදන් අගුණකොළපැලැස්‌සට යනකන් අන්තර් ජාලය සමග ජීවත්වෙන්න පුළුවන්කම තිබෙනවා ඒ නිසා අපි විශ්මිත චිත්‍රපටයක්‌ හදනකොට ඒක හැරි පෝටර්ට වත් ලෝඩ් ඔෆ් ද රිං චිත්‍රපටයටවත් දෙවැනි වෙන් බෑ අපි ඔවුන් සමග තරග කරන්න ඕන අන්න ඒ නිසයි මේ චිත්‍රපටය පමාවුණේ ඒ නිසයි මේ චිත්‍රපටය දැවැන්ත වුණේ ඒ දැවැන්තකමට හරියන දැවැන්ත නිෂ්පාදකයෙක්‌ හමුවෙනකන් මම මේ නිර්මාණය කිහිල්ලෙ ගහගෙන හිටියා

ජැක්‌සන්ගේ තිර රචනය චිත්‍රපටයක්‌ ලෙස සැබෑ වන්නට නිෂ්පාදන පිරිවැය දරන්නේ ජස්‌ටින් බෙලගමගේ සහ රැජින්ද්‍රා ගුණසේකර යුවලයි මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ජැක්‌සන් තම නිෂ්පාදකයන් සොයායෑම නොවන ඔවූහූ ජැක්‌සන් ඇන්තනි සොයා පැමිණීමයි
ජැක්‌සන් තිර කථාවක්‌ ලියලා සුදුසු නිෂ්පාදකයෙක්‌ ලැබෙනකන් කථාව කිහිල්ලෙ ගහගෙන ඉන්නවා කියන පුවත මම දැනගත්තේ පත්තරෙන් මමයි ඔහුව සොයාගෙන ගියේ අපි චිත්‍රපටයට වියදම් කරන්නෙ එක එක වෙලාවට සාක්‌කුවෙන් අරන් සල්ලි දෙන විදියට නෙමෙයි ඇත්තටම මේක ව්‍යාපෘතියක්‌ ජැක්‌සන් අපිට යන වියදම කලින්ම ඇස්‌තමේන්තු කර පිළිවෙළකට ලබාදුන්නා ඔහුට එම සීමාවේ ඉදන් ඕනෑම දෙයක්‌ කරන්න නිදහස තියෙනවා චිත්‍රපටය කරන්න ඕන මොන මට්‌ටමකින්ද ඊට අවශ්‍ය පිරිවැය අපේ මන්දාකිණි ක්‍රීයේෂන් ආයතනය දරා තිබෙනවා මේ දක්‌වා චිත්‍රපටය සදහා වැඩ කටයුතු සිදුවී ඇති අන්දම හදවකින්ම අපිට සතුටක්‌

සිංහල සිනමාවේ මෙතෙක්‌ බිහිව ඇති අග්‍රගන්‍ය ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් ඔපවත් වන අබා අපේ සිනමා කතාන්දර කලාව මහාවංශය දෙසට යොමු කරවයි විශේෂයෙන් වසර 50 ක්‌ ඉක්‌මවා ඇති මෙරට සිංහල සිනමාව ඉතිහාස කථා චිත්‍රපටයට නගා ඇත්තේ ඉතා අල්ප වශයෙනි ඒ අශෝක මාලා (1947) සිරිසඟබො (1952) සංදේශය (1960) සීගිරි කාශ්‍යප (1966) වීර පුරන් අප්පු (1978) වන වීර මද්දුමබණ්‌ඩාර (1984) ආදී වශයෙනි අබා මෙහි සත්වැන්නයි පණ්‌ඩුකාභයගේ පියා කවුද යන මහා වංශය තුළ ගැටුමක්‌ මතු කර ඇති ප්‍රවේණි ප්‍රශ්නයට සිනමාත්මක පිළිතුරක්‌ සැපයීමට අබා තුළින් තමන් උත්සාහ කරන බව ජැක්‌සන් පවසයි

වර්තමාන ජන සමාජයට ධනාත්මක චින්තනයක්‌ එන්නත් කිරිමට අබා තුළින් හැකිවන බව ඔහු විශ්වාසය පළ කරයි ඔබ දකින මේ සුවිසල් පඩුවස්‌දෙව් මාළිගය ඉපැරිණි ගෘහ භාණ්‌ඩ විල් පොකුණු ආදී පසුතලය නිර්මණය වන්නේ ඒ වෙනුවෙනි රුහුණු රාජ මහා වංශයේ උප්පත්ති කථාව අබා යනුවෙනි


දිවයින පුවත් පත 27/07/2007 - තිස්‌ස ගුණතිලක