'අබා' රාජ කුමාරිය

ළඟදීම රූගත කිරිම ඇරඹීමට නියමිත ජැක්‌සන් ඇන්තනිගේ දෙවැනි සිනමා නිර්මාණය වන 'ඇබා' හි රාජ කුමාරියගේ චරිතයට ජාත්‍යාන්තර කීර්තිය දිනූ ළමා නිළි සරලා කාරියවසම් තෝරාගෙන ඇති බව අපට දැනගන්නට ලැබුණි.

රවීන්ද්‍ර රන්දෙනිය (පණ්‌ඩුල බ්‍රාහ්මණ) මාලීනි ෆොන්සේකා (භද්ද කච්චායනා) සබීතා පෙරේරා (උන්මාද චිත්‍රා), කංචන කොඩිතුවක්‌කු (දීඝ ගාමිණී) සෞම්‍ය ලියනගේ (හබරා) දුලානි අනුරාධා (ගුම්බකබූතා), ශ්‍රියන්ත මෙන්ඩිස්‌ (පරුමකයා) බිමල් ජයකොඩි (චිත්තරාජ) වසන්ත මොරගොඩ (කාලවේල) වසන්ත දුක්‌ගන්නාරාළ (වාසල පණික්‌කි) ලුෂන බුලත්සිංහල (අභය) කිංස්‌ලි ලෝස්‌ (තිස්‌ස) මධුමාධව අරවින්ද (ගිරිඛණ්‌ඩශිව) යනාදී නළු නිළියන් මෙන්ම මෙහි කේන්ද්‍රීය චරිතය වන අබා හෙවත් පණ්‌ඩුකාභය කුමාරයාගේ චරිතය රඟපානුයේ සජිත අනුත්තරය.

'අබා' චිත්‍රපටය සඳහා කුමාරයාගේ චරිතය රඟපානුයේ සජිත අනුත්තරය. 'අබා' චිත්‍රපටය සඳහා එහි කලා අධ්‍යකෂ උදේනි සුබෝධී කුමාර විසින් තඹුත්තේගම ඉදි කරන ලද පඬුවස්‌දෙවි රජුගේ මාළිගාවේ දැවැන්ත පසුතලයේ වැඩ කටයුතු දැන් නිමවී ඇත. ජස්‌ටින් බෙලගමගේ මෙම චිත්‍රපටයෙන් දොරට වඩින නවතම අර්ථපතියාය.

නුවන් - සරසවිය ( 26/07/2007 )