වෙබ් අඩවිය නිසා ඉහළම ඉල්ලුමක්‌
අබා නොහොත් පණ්‌ඩුකාභය කුමාරයාගේ කථාව අන්තර්ජාලයට එක්‌වූ හැටි ජැකා කියයි.

දේශීය සිනමා වංශයේ වීර කතා සම්ප්‍රදායට ජවසම්පන්න ඇරඹුමක්‌ ලබා දෙමින් ජැක්‌සන් ඇන්තනී නිර්මාණය කළ අබා
චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු මේ වන විට නිමාව දැක තිබේ.

හැට එක්‌ වියැති ශ්‍රී ලාංකේය සිනමාවේ මෙතෙක්‌ වැඩිම පිරිවැයක්‌ දරා නිපදවූ දැවැන්තම සිනමා කාතිය සේ ඉතිහාසයට එක්‌ වන අබා නොහොත් පණ්‌ඩුකාභය කුමාරයාගේ කතාව ජාතිකත්වය පෙරටු කොට ගෙන ජාත්‍යන්තරය දක්‌වා අභිමානයෙන් පිය මං කළ හැකි මහා සිනමා කාව්‍යයක්‌ ලෙස හැඳින්වීම අතිශයොක්‌තියක්‌ නොවේ.

අබා පසුගිය දිනෙක අන්තර් ජාලය හා අත්වැල් බැඳගත්තේ අපේ සිනමාවට නවමු අත්දැකීමක්‌ එක කරලමින්. ජාත්‍යන්තර මට්‌ටමේ නිමාවකින් යුතුව අන්තර්ජාලයට එක්‌ වූ ප්‍රථම සිංහල චිත්‍රපටය ද එයයි. www.aba.lk වෙබ් අඩවිය ඔස්‌සේ අබා විචිත්‍රත්වය දැන් ලොව පුරා සිනමා ලෝලීන්ගේ අවධානයට ලක්‌ වෙමින් තිබේ.

ජැක්‌සන් ඇන්තනී අබා පිළිබඳ අප හා සංලාපයට එක්‌ වන්නේ එකී සුභවාදී පසුබිමක හිඳ ය.

ඔබ අබා චිත්‍රපටය වෙනුවෙන් වෙඩි අඩවියක්‌ නිර්මාණය කළේ කවර අරමුණකින්ද?

අද සිනමාව අලුත් තාක්‌ෂණයෙන් පිරිපුන් ජාත්‍යන්තර කලාවක්‌. අප කොදෙව් සිනමා සංස්‌කෘතියෙන් එලියට යන්න නම් දේශීය සිනමාව ජාත්‍යන්තරය සම!ග ගලපා ගන්න ඕනෑ. ඒ සඳහා අපට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළක්‌ අවශ්‍ය වෙනවා.

"සියරට දේ සිරි සැප දේ" කිව්වේ ඉස්‌සර. අපේ දේ අපිට විතරක්‌ නෙමේ. ලෝකයටම ගෙනියන්න ඕනෑ. එහෙම අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට ගෙන යා හැකි නම් විතරයි ලෝකයට අපේ සිනමා කලාවේ අභිමානය, අගය පෙන්වන්න පුළුවන්. ඇමරිකාව, ලංකාවට ආවා මිසක්‌ තවම ලංකාව ඇමරිකාවට ගිහින් නැහැ.

නමුත් අපි එය කළ යුතු යි. විශ්ව ගම්මානය කියන්නේ දක්‌ෂතා බෙදා හදා ගැනීම. මේක නිකම් උඹේ හරකා මට දීපන්, මගේ වළං උඹ ගනින්. කිව්වා වගේ කෙරෙන්නෙ ඕනෑ සුන්දර ගනුදෙනුවක්‌.

තවමත් අපේ සිනමාව ජාත්‍යන්තරයට ගිහින් නැහැ කියලද ඔබ කියන්නේ ?

ඔව්, අපේ සිනමාව තවම ඇමරිකාවට, ප්‍රංශයට ගිහින් නැහැ ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදී අපේ සිනමා කෘති ඇගයිමට ලක්‌ වුණා. ඒක ඇත්ත. ඒත් එය විශාල වපරියක එක පදාසයක්‌ විතරයි. නමුත් අද ඉන්දියාව ජාත්‍යන්තරය ජය අරගෙන. ඇතැම් විටෙක බොලිවුඩ් සිනමාව හොලිවුඩයට අභියෝගයක්‌ වූ අවස්‌ථාත් අපි දුටුවා. ඒ නිසයි ෂාරුක්‌ ඛාන් ජර්මනියට ගියාම එහෙ කෙල්ලො අඩන්නේ. ඒ තරමට ඔවුන් ෂාරුක්‌ ට ආදරෙයි.

හැබැයි ඒක ෂාරුක්‌ ඛාන්ගේ වික්‍රමයක්‌ විතරක්‌ම නෙවෙයි. ඒකට ඈත ඉතිහිසයක්‌ තියෙනවා. රවි ශංකර්ලා, දිලිප් කුමාර්ලා තනපු මාවත ඔස්‌සේ තමයි අද ෂාරුක්‌ලා මේ සියලු ජයග්‍රහණ භුක්‌ති විදින්නේ.

සිනමාවේදියකු ලෙසන් ජාත්‍යන්තරය ජය ගන්නට උත්සාහ දරන ඔබට අපේ රටෙන් එවැනි පරමාදර්ශි චරිත හමු වෙන්නේ නැති ද?

එක්‌ දහස්‌ නවසිය අනූ ගණන්වලදී ලන්ඩනයේ අතිවිශාල කෞතුකාගාරයක සැරිසරද්දී ආසියානු සිනමාකරුවන් තිදෙනෙකු වෙනුවෙන් වෙන් කළ කුටියක්‌ නරඹන්න මට අවකාශ ලැබුණා. එවෙලේ මගේ ලොමු දැහැ ගැන්වෙනවා. ඇස්‌ වලට කඳුළු එනවා. එය අතිශය සංවේදී අවස්‌ථාවක්‌ වුණා.

ලෝකයේ පළමු සිනමා කරුමරාව සොයා ගත් ලුමියර් සහෝදරයන්ගේ ප්‍රතිමා පවා තිබෙන ගරු ගාම්භීර කෞතුකාගාරයක සැරි සරද්දී ආසියානු සිනමාකරුවන් තිදෙනෙකු වෙනුවෙන් වෙන් කළ කුටියක්‌ නරඹන්න මට අවකාශ ලැබුණා. එවෙලේ මගේ ලොමු දැහැ ගැන්වෙනවා. ඇස්‌වලට කඳුළු එනවා. එය අතිශය සංවේදී අවස්‌ථාවක්‌ වුණා.

ලෝකයේ පළමු සිනමා කැමරාව සොයා ගත් ලුමියර් සහෝදරයන්ගේ ප්‍රතිමා පවා තිබෙන ගරු ගාම්භීර කෞතුකාගාරයක්‌ එය. ඔබ දන්නවාද එහි ඇගයීමට ලක්‌ වූ අර ආසියානු සිනමාකරුවන් තිදෙනා කවුද කියා. ඒ තමයි ජපානයේ අකිර කුරසෝවා, ඉන්දියාවේ සත්‍යජිත් රායි සහ අපේ මව්බිමේ මහා සිනමාවේදියා වන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌. විමුක්‌ති ජයසුන්දර හරහා ප්‍රසන්න ජයකොඩි දක්‌වා ආපු ජාත්‍යන්තර සිනමා ගමනේ මුල්ගල තැබුවේ ලෙස්‌ටර්. එහි අභිමානය ඔහුට වඩා අපිටයි.

අබා ඉතාමත් විශාල පිරිවැයක්‌ දරා නිපද වූ චිත්‍රපටයක්‌. එය ලංකාව වැනි කුඩා පරිමාණයේ සිනමා කර්මානතියක්‌ පවතින රටකට ඔරොත්තු නොදෙන තරම්. චිත්‍රපටයේ වාණිජ අරමුණු සඵල කර ගන්නට ඔබට අනිවාර්යයෙන්ම ජාත්‍ය&න්තර වෙළඳපොල සහය වෙනවා.?

මගේ මූලික අරමුණ වුණේ ජාතිකත්වය. නමුත් එය ජාත්‍යන්තරයටත් සුදුසුයි. නවින තානක්‌ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ ග්‍රහණය කර ගැනීමය ]මගේ අරමුණ වුණේ. තුන්වැනි ලෝකයේ දුප්පත් රටක්‌, අනේ අපිට කරන්න පුලුවන් මෙච්චරයි කියන පරාදීන මානසිකත්වයේ අප තව දුරටත් සිටිය යුතු නැහැ. හැරි පොටර්, ස්‌පයිඩර් මෑන් වැනි දැවැන්ත චිත්‍රපට නිර්මාණය කරන්නටත් අපට හැකියාව තියෙන බව ලොක්‌යට කියන්න ඕනෑ.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය නොගෙන වුණත් අපේ රටේ ප්‍රේක්‌ෂකයන්ගෙන් මේ මූල්‍යමය අභියෝගය ජය ගත හැකි වගද ඔබ කියන්නේ?

මගේ රටේ ප්‍රේකෂකයෝ නිවැරදිව සිනමහල් වෙත ආකර්ෂණය වුණොත්, මට පුළුවන් චිත්‍රපටයේ පිරිවැය එයින් පියවා ගන්න. චිත්‍රපට ශාලා එකසිට හතළිස්‌ ගාණට බැහැලා. අපේ සිනමා කර්මාන්තය යම් යම් අඩන්තේට්‌ටම් වලට ලක්‌ වෙලා තිබුණත් මම හිතනවා |අබා
චිත්‍රපටයට හොඳ ප්‍රේක්‌ෂක ප්‍රතිචාරයක්‌ ලැබෙනයි කියා. මොකද මේ චිත්‍රපටය මගේ පෞද්ගලික කතාවක්‌ නොවේ.මේක මේ රටේ ඉතිහාසය නැවත කියවන්න කිසිවකු අමුතුවෙන් පොළඹවන්න අවශ්‍යයි කියා මම සිතන්නේ නැහැ.

විදෙස්‌ රටවලින් එබට ඇරියුම් ලැබුණා ද?

දැනටමත් චීනය, ඉතාලිය වගේ රටවල් සමග සකච්ඡා කෙරෙමින් පවතිනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ වෙබ් අඩවිය හරහා අබා
නැරඹූ දෙස්‌ විදෙස්‌ බොහෝ සිනමා ලෝලීන් මා සමඟ විවිධ අදහස්‌ හුවමාරු කර ගත්තා. ඒවා ඉතාමත් යහපත් ප්‍රතිචාර. අද ජාත්‍යන්තරය තරණය කරන්න පුළුවන් ඉහළම වාහනය වෙබ් අඩවිය කියන කරුණත් මම මෙහිදී අවබෝධ කර ගත්තා.

මේ වන විටත් අපේ ප්‍රේක්‌ෂකයන් අතරේ ඉමහත් ආකර්ණයක්‌ හිමි කරගෙන තිබෙන "ජෝදා-අක්‌බාර්" වැනි අති දැවැන්ත භාරත සිනමා වීර කාව්‍යයක්‌ එක්‌ක සසඳන කොට ඔබ අබා දකින්නේ කොහොමද?

ජෝදා-අක්‌බාර් මේ වන විට ලිබර්ටි සිනමා හලේ තිරගත වෙනවා. එය දැවැන්ත චිත්‍රපටයක්‌ බව ඇත්ත. එහි ප්‍රචාරක පටයත්, අබා
පූර්ව ප්‍රචාරක පටයත් දැන් කොළඹ අවට සිනමාහල්වල "සිරි රජ සිරි" චිත්‍රපටයත් සමඟ තිරගත වෙනවා. බොහෝ දෙනෙක්‌ කිව්වේ "ජෝදා-අක්‌බාර්" චිත්‍රපටයේ තිබුණු දැවැන්තකම අබා ගෙත් තිබුණා කියලයි.

බටහිර හෝ ඉන්දීය චිත්‍රපටයක්‌ එක්‌ක අපේ චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය කළාම මෙචිචර කල් අපි පුරුදු වෙලා හිටියේ අපි දුප්පත් රටක්‌, අපේ තාක්‌ෂණය දියුණු නැහැ කියලා හිත හදා ගන්නනේ. නමුත් දැන් එහෙම වෙන්න ඕනෑ නැහැ.

අබා නිර්මාණකරයේදී ඔබ බොලිවුඩ් හෝ හොලිවුඩ් සිනමාවේ ආභාෂය ලැබුවාද ?

දියුණු ජාත්‍යන්තර සිනමා තාක්‌ෂණයට දේශීය මූලයන් එකතු කළොත් අපට හරි හරියට ලෝක සිනමාව හා තරඟ කරන්න පුළුවන්.

අද ඇමරිකාව එහෙම නැත්නම් බොලිවුඩ් සිනමාව ගැන බොහෝ දෙනෙක්‌ කතා කරන්නේ එහි වීර කතා සම්ප්‍රදාය නිසා. නමුත් ඇමරිකාව වසර දෙසීයකට වඩා ඉතිහාසයක්‌ නැහැ. ඒ නිසයි ඔවුන් මෙසපොටේනියාවට නැතිනම් එංගලන්තයට, චිනයට විවිධ පුරා වෘත්තයන් සොයා යන්නේ.

ඒත් අපේ මූලයන් ජාත්‍යන්තරයට ගියොත් ස්‌පීල් බර්ග් වැනි මහා සිනමාකරුවකු පවා ලංකාවට එයි චිත්‍රපට නිර්මාණය කරන්න. ඒ තරම් ප්‍රබල තිහාසයක්‌ අප සතුව තිබෙනවා.

අබා තිරගත වෙන්නේ කවදාද?

මේ ජූනි මාසයේදී එය ප්‍රේක්‌ෂකයන්ට දැක බලා ගන්න පුළුවන්.

ඔබත් පිවිසෙන්න www.aba.lk වෙබ් අඩවියට

අබා චිත්‍රපටය පුරා ඇත්තේ ජැක්‌සන්ගේ දැවන්ත සෙවනැල්ලයි.

අබා ගැන රවී මෙසේ කියයි.

දශක හතරකට ආසන්න රංගන චාරිකාව තුළ දී කාර්ය බහුලම නළුවා ය කියනා ලේබලයට ඔහු කිසිම දවසක අයත් නොවී ය.

ඒ නිසාම අමරණීය මතක සටහන් පෙළකින් ඔහුගේ රංගන පෙළහර අපේගේ හදවත් සනහාලමින් නොමියෙන ලෙස සැමදා නිධන්ගත වී ඇත.

එතෙක්‌ මෙතෙක්‌ සිංහල සිනමාවේ පහළ වූ අද්විතිය චර්තාංග රංගධරයකු ලෙෂ රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ මේ මහ රංගවේදියා පිළිබඳ පසුගිය වසර දෙස බැලීමේදි කතා කිරිමට එකම එක චිත්‍රපටයකින් පමණි. ඒ "නිසලගිර" චිත්‍රපටයයි.

එසේ නම් මේ වසරේ කුමන භූමිකාවකින් ඔහු අපට හමුවේවිද? මේ කතා බහට නිමිත්ත වූයේ එයයි.

ඇත්තටම පසුගිය වසර දිහා බැලුවොත් මම චිත්‍රපට තුනකයි වැඩ කළේ. එකක්‌ නීටා ප්‍රනාන්දුගේ නිසල ගිර. අනික සම්පත් ශී්‍ර රෝෂන්ගේ ජූලියා අන්තිමට කළේ ජැක්‌සන් ඇ\නතනීගේ අබා චිත්‍රපටය නිසලගිර ඉතාම හොඳ තේමාවක්‌ ඔස්‌සේ මට වැදගත් චරිත නිරුපණයක්‌ කරන්න ලැබුණා. ඒ වගේම අගය කළ යුතු බොහෝ දේ මේ චිත්‍රපටය තුළ තිබුණා.

ඊට අමතරව විශේෂයෙන් කතා කරන්න ඕනෑ අබා චිත්‍රපටය ගැන. 1947 ජනවාරි 21 වැනිදා උපත ලද දේශීය සිනමාවේ මේ 2008 වෙනකම් අවුරුදු හැට එකක කාලය තුළ නිර්මාණය වුණු දැවැන්තම චිත්‍රපටයයි අබා.

මුදල් වියදම් කරපු ප්‍රමාණය අතින් බැලුවත් කිසිම චිත්‍රපටයකට මේ තරම් මුදල් කන්දරාවක්‌ වැය කරලා නැහැ. දෙවැනි එක මේ චිත්‍රපටයට පසුබිම් වූ පසුතල දර්ශන. මේ හා සමානව මගේ අත්දැකීම් තියෙන්නේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහත්මයා 1974 දී අධ්‍යක්‌ෂණය කළ "ගොඩ් කිං" චිත්‍රපටය.

නමුත් ඒක සීයට සීයක්‌ ම දේශීය නිෂ්පාදනයක්‌ නෙමෙයි. එයට මුදල් ආයෝජනය කළේ බි්‍රතාන්‍ය සමාගමක්‌. දේශීය නිෂ්පාදනයක්‌ විදියට බැලුවාම පැහැදිලවම මේ ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටය "අබා".

මම මේ දැවැන්තම චිත්‍රපටය කියන්නේ විශාල මුදල් කන්දරාවක්‌ ගිය නිසාවත්, විශාල නළු නිළි පිරිසක්‌ වගේම ඇත්තු, අශ්වයෝ, මහා බලකොටු, රජ මාලිගා, සිය ගණන් අතිරේක නළු නිළියන් හිටිය නිසාම නෙවෙයි.

අන්තර්ගතය අතිනුත් එය ඉතාමත් දැවැන්තය. මේ චිත්‍රපටයට පසුබිම් වෙන කතා වස්‌තුව බැලුවාම ඇත්මට අපිට කෙලින් ම ජැක්‌සන් ඇන්තනී කියන ඒ දැවැන්ත සෙනැල්ල තමයි අපේ මතකයට නැගෙන්නේ.

මොකද මේ තර කතාවේ අයිතිකාරයත් ඔහු. මම හිතන්නේ මේ තිර කතාව ජැක්‌සන් තුළ ඉතිහාසය පිළිබඳ තියෙන සුවිශේෂ දැනුම පිළිබිඹු කරන්නක්‌. අපේ සිංහල රාජවංශය නැත්නම් ඉතිහාසය ගැන කතා කරද්දී ඔහු කෘතහස්‌ත දැනුමක්‌ තියෙන ඉතිහාසඥයෙක්‌. ඔහුගේ ඒ දැනුම සහ කලාකරුවකු වශයෙන් ඔහු සතු නිර්මාණාත්මක ආලෝකයත් එළි දක්‌වමින් සංකලනය වෙලා තියෙනවා. ඇත්තටම අපේ දේශීය සිනමා කලාවට ඔහු ඉතාම වටිනා සම්පතක්‌ වන්නේ එතනදීයි.

ඔහුගේ ඉතිහාසය අපේ පසුබිම, අපේ රටේ ශිෂ්ටාචාරය අපේකම පිළිබඳ හැගුමත් එක්‌ක එකතු වෙලා. ඒ සම්මිශ්‍රණය තුළින් අපට අපේ අනන්‍යතානව ලෝකයට දක්‌වන අපේ රටට ඉතාම වැදගත් ජාතියක්‌ වශයෙන් අපට පෞඨත්වයට පත් විය හැකි, අපේ සියලුම අංග ලක්‌ෂණ මේ සිනමා මධ්‍ය තුළට ගොනු කර ගන්නට ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ අංශයෙන් තමයි මම මේ චිත්‍රපටය දැවැන්තයි කියන්නේ.

අධ්‍යක්‌ෂකවරයෙක්‌ ලෙස ජැක්‌සන්ගේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම ඔහු මේ කාලය තුළදී නොකළ දෙයක්‌ නැති තරම්. පළමුවෙන්ම ඔහු තමන්වම කැප කළා. මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු ශාරිරකව ගත්ත වෙහෙස මානසිකව ගත්ත වෙහෙස හරි පුදුමයි. අවුරුදු ගානක්‌ තිර කතාව තමන්ගේ අතේ කියාගෙන මේක ඒ අවශ්‍ය ආකාරයෙන් නිපදවන්න පුළුවන්. මුදල් ආයෝජනය කරන්න පුළුවන් කෙනෙකු ලැබෙන තුරු පිටපත් කිහිල්ලෙ ගහගෙන හිටියා.
සාමාන්‍යයෙන් අධ්‍යක්‌ෂවරයෙක්‌ විදියට විධාන දිම පැත්තක තියලා නළු නිළි පිරිස එක්‌ක රඟපාන දර්ශනවලදී පුහුණු වීම් කරන්න දරුවන්ගේ නර්තන විලාශයන් කියාදෙන්න පැය ගණන් වෙහෙසුණා. ඔහු ඒ වෙනුවෙන් අප්‍රමාණ ශාරිරික වෙහෙසක්‌ ගත්තා. ඒ සියලු දෙයක්‌ම කළේ අවශ්‍ය සාරය හැම දෙනාගෙන්ම උරා ගන්න.

චිත්‍රපටය මෙහෙයවපු ආකාරයට අඟලක්‌ රූපගත කරන්න කලින් සමස්‌ත චිත්‍රපටයම ඔහු දැකලා තිබුණා කියා මට හිතෙනවා. හැම දර්ශනයක්‌ සඳහා ම අවශ්‍ය දේ ආකාරයෙන්ම විය යුතු යි කියලා ඒ ආකාරයෙන්ම විය යුතු යි කියලා ඒ සියලු දෙයක්‌ම කළේ අවශ්‍ය සාරය හැම දෙනාගෙන්ම උරා ගන්න.

චිත්‍රපටය මෙහෙයවපු ආකාරයට අඟලක්‌ රූපගත කරන්න කලින් සමස්‌ත චිත්‍රපටයම ඔහු දැකලා තිබුණා කියා මට හිතෙනවා. හැම දර්ශනයක්‌ සඳහාම අවශ්‍ය දේ ඒ ආකාරයෙන් ම විය යුතුයි කියලා ඒ ආකාරයට ගන්න ඔහු දැරූ වෙහෙස නළු නිළියන්, ඇත්තු, අශ්වයෝ විතරක්‌ නෙමෙයි කාලගුණයත් එක්‌කත් සටන් කළා. අහස කොච්චර අනතුරු ඇගව්වත් ඒවා ගණන් ගන්නෙ නැතුව වැඩ් වෙනුවෙන්ම කැප කළා.

මේ වගේ කලා කෘතියක්‌ නිර්මාණය කිරිමේදි ඒ කෘතිය විශිෂ්ටතවයට පත් කරන්න අවශ්‍ය හැම දේම ඇතුල් කරන්න ජැක්‌සන් පුදුමාකාර උතසාහයක්‌ ගත්තා.

ඒ උත්සාහය මල් ඵල ගන්වන්න හැකි වු ප්‍රධාන සාධකය ලෙස මම දකින්නේ ඒ පිටුපස තිබුණ මේ අයෝමය ශක්‌තිය. ඔහුට මේ අර්ථපතිනයන් දැක්‌වූ සහයෝගය ජස්‌ටින් බෙලගමගේ සහ රජින්ද්‍රා ජයසිංහ මහත්මිය මේ වෙනුවෙන් අත දිග ඇරලා මේ කෘතිය නිර්මාණය කරන්න ශක්‌තිය ලබා දුන්නා.
 
සරසවිය